Skip to main content

Posts

Showing posts from March, 2010

JNode

මේක අලුත් නිවුස් එකක් නොවුනත් වැදගත් නිසා බොලොග් එකට ඇඩි කරන්න හිතුවා.මේක මෙහෙයුම් පද්ධති හදන්න පුලුවන් Assembly,C වලින් විතරද කියල හිතපු අයට හොද නිවුස් එකක් වෙයි. මොකද හැමදාම කතාකරන්නේ එක්කො ලිනක්ස් නැත්නම් වින්ඩොස් හරි මැක් හරි ගැනනෙ,ඉතින් අද වෙනමම විදිහේ මෙහෙයුම් පද්දතියක් ගැන තමයි ඉතාම කෙටියෙන් හදුන්වල දෙන්න හදන්නේ.මෙම මෙහෙයුම් පද්දතියට කියන්නේ JNode කියල .සමහර විට අහලත් ඇති.මෙහි විශේෂත්වය තමයි මෙය පරිගණක Java භාෂාව යොදාගෙන පරීක්ෂණ මට්ටමෙන් කරගෙන යන දෙයක් වීම .පරීක්ෂණ මට්ටමෙන් කිවුවට හොද මට්ටමක තියෙනවා දැනටමත්.ඇත්තටම සම්පුර්ණයෙන්ම Java පරිගණක භාෂාව යොදාගෙන තමයි මේක කරලා තියෙන්නේ නමුත් මේ සදහා Kernal එක විදිහට Assembly Micro Kernal එකක් භාවිතා කරලා තිබෙනවා.මෙහි අතුරු මුහුණත් පහත රූපවල පෙනෙන ආකාරයට Java UI Component හි ඇති ස්වරූපය ගන්නවා. මෙය විවෘත හා නිදහස් මෘදුකාංගයක් විදිහට තමයි මෙය සංවර්ධනය කර තිබෙන්නේ ඔබටත් මෙය සමඟ සම්බන්ධ වීමේ අවස්ථා තිබෙනවා.මෙය අත් හදා බැලීමට අවශ්‍ය නම් පහසුම ක්‍රමය වන්නේ ඔවුන් දී තිබෙන ISO image එක Virtual machine එකක් මත Run කර බැලීමයි.

Google Code Jam 2010

ගුගල් සමාගම විසින් අවුරුදු පතා සිදු කරණු ලබන අංගයක් වන ගුගල් codejam තරග මාලාවේ 2010 අවුරුද්ද සදහා වන තරගය මැයි මස ආරම්බ කිරීමට නියමිතයි.මේ සදහා register කර ගැනීම අප්‍රේල් මස 7 වෙනිදයින් ආරම්බවේ.මෙහිදී ගුගල් විසින් සපයනු ලබන සන්කීර්ණ ගැටලු සදහා පිලිතුරු පරිනණක භාෂාවකින් ලිවීමට ඔබට සිදුවනු ඇත.මෙගැන වැඩි විස්තර දැන ගැනීමට කැමතිනම් ඒ සදහා මෙතනින් පිවිසෙන්න.