Skip to main content

Posts

Showing posts from March, 2009

මොකක්ද මේ Google Map API කියන්නේ?

ඔන්න මේ දවස් ටිකේ පොඩි වැඩකට අත ගහුවා Google Map API එක්ක.ඇත්තටම වෙනස්ම අත්දැකීමක් ඒක.මොකද සාමානයෙන් මම කරන්නෙ මුදුකාංග වල back end එක්ක වැඩ කරන එක.ඉතින් ඒක ටිකක් කම්මැලි හිතෙන වැඩක්.නමුත් මේ Google Map API එක්ක කරපු වැඩේ ටිකක් වෙනස් මොකද මේක Front end වැඩක් හන්ද.මම හිතන්නේ ඔයාලා හැමොම දැකල ඇති Google Map එක.ඉතින් මේ සේවාව ලබාදෙන්නෙ Google සමාගම.Google සමාගම මේ සේවාව ලබාදෙනවා පමනක් නෙමෙයි ඒක, අනිත් පුද්ගලයින්ටත් එම සේවාව තමන්ගේ වෙබ් පිටුවට හෝ තමන් කැමති ඔනැම තැනකට පාවිචික් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. අපි බලමු කොහොමද අපිට ඔන විදියට Google Map පාවිචිකරන්නෙ සහ මොනවද තියන Facility කියලා.ඔන්න ඔතනදි තමයි Google Map API කරලියට එන්නෙ. Google Map API මගින් එය පාවිචිකරන්නාට Google Map හි ඇති Function පාවිචියට ගැනීමට මාර්ගයක් සකසා දෙනවා.එමගින් ඉතා පහසුවෙන් අපට වුවමනා ආකාරයට එය හසුරවා ගත හැක.එය Java script යොදාගෙන සංවර්දනය කර ඇත.එම නිසා ඉතා පහසුවෙන් මෙය Web තාක්ෂණයත් සමග යොදා ගත හැක. මෙය ඉතා සරල නිදසුනක් මගින් මේ ආකාරයට එය යොදාගන්නා ආකාරය පැහැ

සහන 2009 සමුලුව

ඔන්න ඉතින් මේ දවස් ආපහු නිදහස් මුදුකාංග වලට කැමැත්තක් දක්වන අයට ටිකක් වැඩ අදික කාලයක්.මමත් ඔන්න අද " සහන-2009 සමුලුවට "(මාර්තු 24,25) ගියා.වැඩේ හොදට තිබුනා. Dr.සංජීව වීරවර්ණ , Dr.රුවන් වීරසිංහ සහ තවත් විදේශ රටවලින් පැමිණි විද්වතුන් සහ නිදහස් මුදුකාංග සදහා ඇල්මක් දක්වන්නන් විශාල පිරිසක් මෙහි පැමින සිටියා.ඔන්න ඉතින් මමත් වැඩේට සෙට් වුනා. HNB Tower එකේ තමයි මේක තිබුනේ.එතෙන්ට ගිහින් බලනකොට මෙන්න අපේ Faculty බාගයක් විතරම එතන.අපේ වුන්ගේ FOSS ගැන මාර වුනන්දුවක් තියෙන්නේ මුනු දිහා දැකපුහාම කියන්න පුලුවන් මොකටද ආවෙ කියලා. ඔන්න Dr.සංජීව වීරවර්ණ මුලින්ම කතාවක් කරල කට්ටිය පිලි අරගෙන වැඩේ පටන්ගත්තා.ඊට පස්සේ තව කවුද කට්ටියක් " සහන " වල ඇති වටිනාකම ගැන විස්තර කරා.ඉතින් ඊට පස්සෙ ආවෙ T වෙලාව ඒකෙදි මමයි තව යාලුවෙකුයි එතනින් පැන ගත්තා මොකද අද නිවාඩුවක් දාලා නෙමෙයි ආවෙ.කොහොම වුනත් හිටපු ටික කාලය තුල ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.අපි ඉතින් එදත් අදත් කවදත් FOSS කට්ටියනෙ ඔනම FOSS වැඩකට පොඩි වෙලාවකට හරි සෙට් වෙනවා.හෙටත් වැඩේ තියනවා try එකක් දාලා බලන්න ඔන ඒකටත් සෙට් වෙන්න.

Damn Small Linux ඔබගේ USB තුල ස්ථාපනය කරගන්නේ කෙසේද?

මේ දවස්ටිකේ වැඩි වැඩක් නැතුව ඉන්න අතරතුරේ නිකමට වගේ USB එකත Damn Small Linux දාල බලන්න හිතුනා.ඔන්න ඒක සිථාපනය කරගන්නා ආකාරය ඔයලටත් කියන්න හිතුනා. ලොකයේ ඇති කුඩාම මෙහෙයුම් පද්ධති අතර එකක් වන Damn Small Linux මෙහෙයුම් පද්ධතිය ඔබගේ පරිගණකයෙ වෙනත් මෙහෙයුම් පද්ධතියක් තුල මෙන්ම USB එක මතද ස්ථාපනය කරගත හැක.මේ සදහා 64MB පමණ සෑහේ.නමුත් දැනට වෙලදපොලේ ඇති සියලුම වාගේ මීට වඩා ධාරිතාවකින් යුක්ත නිසා ඒගැන ප්‍රස්නයක්නෑ. ඔන්න වැඩේ කරන්නේ මෙහෙමයි. *.මුලින්ම dsl-embedded.zip ගොනුව මෙම සිථානයෙන් බාගත කර ගත හැක. *.ඉන්පසුව dsl-embedded.zip ගොනුව ඔබගේ USB තුලට දිගහැරගන්න. *.ඉන්පසුව syslinux-3.36.zip මෙම ගොනුව ඔබගේ පරිගණකය තුලට බාගතකරගෙන.ඒය තුල syslinux නමින් බහාලුමක් සාදා එය තුලට දිගහැරගන්න. *.start තුල ඇති run තුල cmd නමින් සටහන් කර කරගන්න *.ඉන්පසුව ලැබෙන command box එක තුල cd \syslinux\win32 සටහන්කර එම බහලුම තුලට ගොස් syslinux.exe -ma X:මෙම විදානය කරගන්න. *.මෙහි X වෙනුවට ඔබගේ USB එකට ලැබෙන අක්ෂරය ලබාදෙන්න. *.ඉන්පසු ඔබගෙ පරිගණකය reboot කර එය usb boot අකාරයට සකසන්න.මේ සදහා ඔබගේ පරිගණකයෙ BIOS settings ව

Ubuntu සිංහල කරණය

ඔන්න ඉතින් පොඩි වැඩක් සෙට් වුනා මෙ මාසෙ 24 වෙනිද "නිදහස් මෘදුකාංග සහ මෘදුකාංග දෙශීය කරනය" ගැන lecture එකක් කරන්න. ඉතින් මේදවස්වල මම එකට උවමනා දේවල් ට්කක් කරමින් ඉන්න අතරේ Ubuntu සිංහලට පරිවර්තනය කරන හටි ගැන ටිකක් ලියන්න හිතුන. මෙන්න වැඩෙ කරන හැටි 1.මුලින්ම ඔබගේ Ubuntu මෙහෙයුම් පද්දතිය ඇතුලත සිංහල Fonts ස්ථාපිත කරගත යුතුයි. 1.1 මුලින්ම මෙය ස්ථාපිත කරනනීමට කලින් ඔබගේ Ubuntu තුල ඒ සදහා අවශය පසුබිම සකසා ගත යුතුයි.මේ සදහා Universe repository, Enable කරගත යුතුයි.මේ සදහා ඔබට වැඩි විස්තර උවමනානම් ( wiki.ubuntu.com/AlwaysEnableUniverseMultiverse) . සාමානියෙන් Ubuntu ස්ථාපනය කරන අවස්ථාවේදීම මෙය enable වී ඇත. 1.2 ඉන්පසුව පහත සදහන් විදානය ඔබගේ Shell එක මත Run කරගන්න. sudo apt-get install ttf-sinhala-lklug scim scim-gtk2-immodule im-switch scim-m17n m17n-db m17n-contrib language-pack-si-base 1.3 ඉන්පසුව පහත සදහන් විදානයත් ඔබගේ Shell එක මත Run කරගන්න rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s scim-immodule 2.ඉන්පසුව මෙය si.tar.gz ඔබගේ පරිඝණකය මතට බාගථ කරගන්න.

නව ආරම්භයක්

ඔන්න මමත් හුගාක් කලෙක පස්සෙ ආපහු ලියන්න set උනා සිංහලෙන්.සිංහල එතරම් දුරට ලියන්න අපහසු හන්දා වැඩෙ අත ඇරල දාලයි හිටියෙ,නමුත් UCSC සිංහල එසෙණින් පරිවර්තකය නිසා වැඩේ ගොඩාක් ලේසි උනා.අපේම Faculty කරපු වැඩක් හන්ඩ ගොඩක් ආඩම්බරයි.එහෙනම් ඉතින් ඉක්මනටම සෙට් වෙමු වඩෙට.