Skip to main content

Posts

Showing posts from June, 2010

JMS හි ප්‍රායෝගික යෙදීම්...

මේදවස්වල ටිකක් වැඩ වැඩි හන්දා අලුතෙන් දෙයක් ලියන්න උනේ නැතිවුන නිසා මම ලගදි කියවපු ලිපියක් අනුසාරයේන් පොඩි ලිපියක් ලියන්න හිතුනා.මේ ලිපිය ලියල තිබුනේ Java messaging Service එහෙමත් නැත්නම් JMS පිලිබදව. නමුත් මම මෙහි ලියන්න බලාපොරොත්තු වෙන්නේ JMS පිලිබදව පැහැදිලි කිරීමකට වඩා එහි යේදීමක් පිලිබදවයි.මෙ පිලිබදව විශේෂයෙන් ලියන්න හේතුවක් වුනේ මේ කියන්න යන කාරණය පිලිබදව බොහෝදෙනා යොමු නොකරණ කාරණයක් නිසා.බොහො විට සිද්දාන්තමය කරුනු පිලිබදව අවබෝදයක් තිබුනත් එහි යෙදීම් පිලිබදව ඇත්තේ අඩු අවබෝදයක්.මම පැහැදිලි කරන්න හදපු කාරණය ගැන කතාකලොත් සාමාන්‍යයෙන් යම්කිසි මෘදුකාංගයක් නිර්මාණයේදී අපි එය තුල සිදුවන සිදුවීම් සියල්ල Log එකක් තුල ලිවීම්ට සලස්වනවා.එහිදී method execution වල සිට Exception throwing දක්වා සියලුම සිදුවීම් එය තුල සටහන් කිරීම සිදුකරණු ලබනවා.සමහර විට මෙමගින් ඇතිවන වාසි පිලිබදව ඔබට ප්‍රශ්නයක් මතුවීමට පුලුවන්..ඇත්තටම මෙහිදී මෙය සිදුකරණු ලබන්නේ මෘදුකාංගය තුල සිදුවු දෙ පිලිබදව පසුව අවබෝදයක් ලබාගැනීමටයි.සමහර අවස්තාවලදී මෘදුකාංගයේ සිදුවන Error එකක් වුවද එය සිදුවුයේ කොතැනද කුමන වේලාවේදීද යන්න පිලිබදව