
මෙම Interceptor එක තුලදී එම Log එකට අදාල සියලුම තොරතුරු database එකක් තුල හෝ Log file එකක් තුල සටහන් කරගත හැකියි.මෙහිදී බහුලව භාවිතා වන්නේ Log file එකක් තුල සටහන් කර ගැනීමේ ක්‍රමයයි.මෙහිදී මෙම අවස්තාවට අදාල බොහෝ තොරතුරු log සටහනේ සටහන් කරනව.මෙම ක්‍රමයේදී ඇතිවන ප්‍රශ්නය තමයි සියලුම Action execute වීමට ප්‍රතමව මෙසේ log සටහනක ලිවීම. මෙය සෘජුවම මෙම මෘදුකාංගවල කාර්යක්ෂම තාවය කෙරෙහි බලපෑමක් සිදුකරනවා ඊට හේතුව interceptor එක වෙතට පැමිනෙන request නැවතත් ඊට අදාල action එක වෙත යොමුවන්නේ ඊට අදාල තොරතුරු මෙම log සටහන ලිවීමෙන් අනතුරුවයි.මෙම කාර්යක්ෂම තාවය අඩුවීම බොහෝවිට Web Application සදහා විශේෂයෙන් බලපානවා.එහි දල ආකාරය පහත රූපසටහනේ නිරූපණය වේ.රූප සටහනේ දැක්වෙන්නේ එක ගමන් කරන ආකාරය පිලිබදව අවබෙදයක් ගැනීමට පමණක් බව සලකන්න.
මෙහිදී මෙම කාර්යක්ෂම තාවය අඩුවීමට බලපාන හේතුව මගහැරවා ගැනීමට අපට JMS යොදාගැනීමට පුලුවන්.මෙහිදී ප්‍රශ්නයට හේතුව වන්නේ (interceptor එක වෙතට පැමිනෙන request නැවතත් ඊට අදාල action එක වෙත යොමුවන්නේ ඊට අදාල තොරතුරු මෙම log සටහන ලිවීමෙන් අනතුරුවයි).මෙහිදී මෙම තත්වයෙන් මිදීමට අපට Interceptor එක ඉවත්කිරීමට හැකියාවක් නැහැ.නමුත් මෙහිදී අපිට Interceptor එක මගින් log සටහන ලිවීමේ කාර්යය කරණ අවස්තාව සදහා කුමක් හෝ පිලියමක් යෙදිය හැකියි.මෙහිදී මෙම කාර්යය වෙන කෙනෙකුට පවරා request එක කෙලින්ම Action එක වෙත යොමු කල හැකිනම් මෙම කාර්යක්ෂමතාවය පිලිබදව ප්‍රස්නයට පිලිතුරක් ලබාගත හැකියි.මෙහිදී මෙම පහත රූපයේ ආකාරයට අපට මෙ සදහා ලෙහෙසියෙන්ම පිලිතුරක් සොයාගත හැකියි.
මෙහිදී ඉහත රූපයේ ආකාරයට Interceptor එක තුල ඇති Message sender function එක යොදාගෙන අපට log එකෙහි සටහන් කිරීමට අවශ්‍ය තොරතුරු message එකක්(Interceptor එකෙහි ඇති message sender එක යොදාගෙන) මගින් Message queue එක වෙතට යොමු කර request එක පමාවකින් තොරව නියමිත Action එක තුලට යොමු කල හැක.මෙහිදී log එක write කරන තෙක් බලාසිටීමෙන් අපතේයන කාලය ඉතුරුකර ගැනීමට හැකිවෙනවා.මෙම queue එකට යොමුකල message පිලිවලින් message receiver තුලට යොමුකරනු ලැබේ.මෙම receiver එක තුල අපට log සටහන් ලිවීම සදහා අවශ්‍ය කේත සටහන් ලියාගත හැකියි.මෙම ක්‍රමය නිසා කලින් තිබු කාර්යක්ෂමතාවය පිලිබදව ගැටලුව මගහරවා ගතහැක.මීට අමතරව JMS යොදාගත හැකි අවස්තා විශාල ගණනක් දක්නට ලැබෙනවා.මම සරළ උදාහරණය මගින් ඔබට මෘදුකාංග නිර්මාණයේදී අපට මතුවන ගැටලු සදාහා අපි ඉගෙන ගන්නා සිද්දාන්තමය කරුණු යොදාගන්නා ආකාරය පිලිබදව යම්තරමක හෝ අවබෝදයක් ලැබෙන්නට ඇතැයි සිතමි.
5 comments:
හොඳ ලිපියක්..
This is a good article about JMS and its basics. But if u can extend this to other usages of JMS, that will be cool.
hmm... I would suggest to my company to use JMS instead of conventional logging technique.
The article is really good.
Thanx prabath...
Sightline Payments Kirk SanfordOnline Bingo
Post a Comment