Skip to main content

Posts

Showing posts from 2010

JMS හි ප්‍රායෝගික යෙදීම්...

මේදවස්වල ටිකක් වැඩ වැඩි හන්දා අලුතෙන් දෙයක් ලියන්න උනේ නැතිවුන නිසා මම ලගදි කියවපු ලිපියක් අනුසාරයේන් පොඩි ලිපියක් ලියන්න හිතුනා.මේ ලිපිය ලියල තිබුනේ Java messaging Service එහෙමත් නැත්නම් JMS පිලිබදව. නමුත් මම මෙහි ලියන්න බලාපොරොත්තු වෙන්නේ JMS පිලිබදව පැහැදිලි කිරීමකට වඩා එහි යේදීමක් පිලිබදවයි.මෙ පිලිබදව විශේෂයෙන් ලියන්න හේතුවක් වුනේ මේ කියන්න යන කාරණය පිලිබදව බොහෝදෙනා යොමු නොකරණ කාරණයක් නිසා.බොහො විට සිද්දාන්තමය කරුනු පිලිබදව අවබෝදයක් තිබුනත් එහි යෙදීම් පිලිබදව ඇත්තේ අඩු අවබෝදයක්.මම පැහැදිලි කරන්න හදපු කාරණය ගැන කතාකලොත් සාමාන්‍යයෙන් යම්කිසි මෘදුකාංගයක් නිර්මාණයේදී අපි එය තුල සිදුවන සිදුවීම් සියල්ල Log එකක් තුල ලිවීම්ට සලස්වනවා.එහිදී method execution වල සිට Exception throwing දක්වා සියලුම සිදුවීම් එය තුල සටහන් කිරීම සිදුකරණු ලබනවා.සමහර විට මෙමගින් ඇතිවන වාසි පිලිබදව ඔබට ප්‍රශ්නයක් මතුවීමට පුලුවන්..ඇත්තටම මෙහිදී මෙය සිදුකරණු ලබන්නේ මෘදුකාංගය තුල සිදුවු දෙ පිලිබදව පසුව අවබෝදයක් ලබාගැනීමටයි.සමහර අවස්තාවලදී මෘදුකාංගයේ සිදුවන Error එකක් වුවද එය සිදුවුයේ කොතැනද කුමන වේලාවේදීද යන්න පිලිබදව

JNode

මේක අලුත් නිවුස් එකක් නොවුනත් වැදගත් නිසා බොලොග් එකට ඇඩි කරන්න හිතුවා.මේක මෙහෙයුම් පද්ධති හදන්න පුලුවන් Assembly,C වලින් විතරද කියල හිතපු අයට හොද නිවුස් එකක් වෙයි. මොකද හැමදාම කතාකරන්නේ එක්කො ලිනක්ස් නැත්නම් වින්ඩොස් හරි මැක් හරි ගැනනෙ,ඉතින් අද වෙනමම විදිහේ මෙහෙයුම් පද්දතියක් ගැන තමයි ඉතාම කෙටියෙන් හදුන්වල දෙන්න හදන්නේ.මෙම මෙහෙයුම් පද්දතියට කියන්නේ JNode කියල .සමහර විට අහලත් ඇති.මෙහි විශේෂත්වය තමයි මෙය පරිගණක Java භාෂාව යොදාගෙන පරීක්ෂණ මට්ටමෙන් කරගෙන යන දෙයක් වීම .පරීක්ෂණ මට්ටමෙන් කිවුවට හොද මට්ටමක තියෙනවා දැනටමත්.ඇත්තටම සම්පුර්ණයෙන්ම Java පරිගණක භාෂාව යොදාගෙන තමයි මේක කරලා තියෙන්නේ නමුත් මේ සදහා Kernal එක විදිහට Assembly Micro Kernal එකක් භාවිතා කරලා තිබෙනවා.මෙහි අතුරු මුහුණත් පහත රූපවල පෙනෙන ආකාරයට Java UI Component හි ඇති ස්වරූපය ගන්නවා. මෙය විවෘත හා නිදහස් මෘදුකාංගයක් විදිහට තමයි මෙය සංවර්ධනය කර තිබෙන්නේ ඔබටත් මෙය සමඟ සම්බන්ධ වීමේ අවස්ථා තිබෙනවා.මෙය අත් හදා බැලීමට අවශ්‍ය නම් පහසුම ක්‍රමය වන්නේ ඔවුන් දී තිබෙන ISO image එක Virtual machine එකක් මත Run කර බැලීමයි.

Google Code Jam 2010

ගුගල් සමාගම විසින් අවුරුදු පතා සිදු කරණු ලබන අංගයක් වන ගුගල් codejam තරග මාලාවේ 2010 අවුරුද්ද සදහා වන තරගය මැයි මස ආරම්බ කිරීමට නියමිතයි.මේ සදහා register කර ගැනීම අප්‍රේල් මස 7 වෙනිදයින් ආරම්බවේ.මෙහිදී ගුගල් විසින් සපයනු ලබන සන්කීර්ණ ගැටලු සදහා පිලිතුරු පරිනණක භාෂාවකින් ලිවීමට ඔබට සිදුවනු ඇත.මෙගැන වැඩි විස්තර දැන ගැනීමට කැමතිනම් ඒ සදහා මෙතනින් පිවිසෙන්න.

Ubuntu 10.04 හි 3 වන ඇල්ෆා(Lucid) නිකුතුව දැන් ලබාගත හැක.

Ubuntu 10.04 හි 3 අවසාන ඇල්ෆා නිකුතුව දැන් මේ වන විට ලබාගත හැකියි.එහි නවතම අන්තර්ගතයන් ගැන කතා කලොත් 1.Ubuntu 10.04 සදහා 7Digital සමාගම සමඟ එක්ව Music Store පහසුකම ලබාදීමට මෙහිදී කටයුතු කර තිබෙනවා.මෙය නැවුම් අත්දැකීමක් වනු නිසැකයි. 2.Nvidia ,Intel හා ATI වලට අවශ්‍ය Drivers මේ සමඟ එවීමට ඔවුන් තීරණය කොට තිබෙනවා.නමුත් ඒ සදහා ඔවුන් ලබාදෙනු ලබන Nvedia Drivers සමඟ 3D පහසුකම් ලබාගැනීමේ හැකියාවක් නැහැ.ඒ සදහා ඔබ විසින් official NVidia driver ස්ථාපනය කරගත යුතුයි. 3.හැමදාම වගේ මෙවරත් Boot හා Shut down වීමට ගතවන කාලය අඩු කර ගැනීමට මොවුන් කටයුතු කර තිබෙනවා. 4.මේ සමගම Software Center එකෙහිද වෙනස්කම් කීපයක් දක්නට ලැබෙනවා.ඒ සදහා PPA views හා 'Featured' category එක් කර තිබෙනවා. 5.මෙහි ඇති විශේෂ වෙනස් කමක් විදිහට Notification Area එකෙහි සිදුකර ඇති වෙනස්කම් සැලකීමට පුලුවන්.එහිදී දී ඇති entry box මගින් ඔබගේ Twitter ගිණුමෙහි ඇති status යාවත්කාලීන කිරීමේ හැකියාව ලබාදී තිබේනවා. මෙම නිකුතුවත් සමඟම සියලුම latest bug fixes, security updates, application revisions සහ kernel updates ඇතුලත් කර තිබේ.මෙය බා

Synergy සමග FUN වැඩක් ..

නියම ගජමැටික්ස් එකක් අහම්බෙන් හම්බවුනා. වැඩේ ටිකක් fun වගෙ ඒ හන්දා කට්ටියටම කියන්න ඕන කියල හිතුනා. synergy කියන්නෙ තමන්ගේ පරිගණකය සහ ඒ හා සම්බන්ධ කරගත හැකි අනෙකුත් පරිගණක එකම පරිගණකයක් ආකාරයෙන් සකස්කරගත හැකි ආකාරයේ මෘදුකාංගයක්.මෙහිදී ඔබගේ පරිගණකය තුල එකිනෙකට වෙනස් මෙහෙයුම් පද්ධති තිබුනත් ගැටලුවක් වන්නේ නැහැ.මෙන්න මෙ පහත තියන ඕනම මෙහෙයුම් පද්ධතියක මේක වැඩ.හැබැයි සමහර ඒවගේ මේක සම්පුර්ණයෙන්ම වැඩ නෑ. නමුත් ඔවුන් ඒවා සම්පුර්ණ කරන්න මේ දවස්වල වැඩ කරමින් යනවා කියලා ඔවුන්ගෙ web site එකෙහි සඳහන් වෙනවා. * Microsoft Windows 95, Windows 98, Windows Me (the Windows 95 family) * Microsoft Windows NT, Windows 2000, Windows XP (the Windows NT family) * Mac OS X 10.2 or higher * Unix o X Windows version 11 revision 4 or up o XTEST extension (use "xdpyinfo | grep XTEST" to check for XTEST) මෙහිදී ඔබට පහත රූප ආකාරයට mosue එක හා keyboard ඔබගේ පරිගණකය සහ ඒ හා සම්බන්ධ පරිගණක පද්ධති අතර හැසිරවිය හැකියි එමෙන්ම ඔබට ඕනෑම තැනක copy හො cut කරන දෙයක් පද්ධතියෙහි ඕනෑම තැනක past කල හැකිය

Frameworks කුමක් සඳහාද?

Frameworks කුමකටදැයි කතා කිරිමට පෙර Framework එකක් කියන්නෙ කුමක්දැයි අපි හඳුනාගෙන ඉදිමු.පරිගණකයක් යනු සරලවම ගත් කල ඉලෙක්ට්‍රොනික කොටස් වලින් නිර්මාණය වුවකි.එමඟින් යම්කිසි වැඩක් කරගැනීමට සහය වන්නේ එය මත ක්‍රියාකාරි වන මෘදුකාංග මඟිනි.පරිගණක භාවිතයට පැමිණි මුල් කාලයේ එහි පාවිච්චියට ගැනුනෙ ඉතාමත් මූලික මට්ටමේ තිබු මෘදුකාංගය.එමඟින් කර ගත හැකි වු වැඩකටයුතු ප්‍රමාණය ඉතාමත් ස්වල්පය.නමුත් Transistor සොයාගැනීමත් සමඟ දෘඩාංක තාක්ෂණය කෙටි කලක් තුල සිදුවු සීග්‍ර දියුණුවත් සමඟම ඒ හා සාපේක්ෂව මෘදුකාංග වලද සීග්‍ර දියුණුවක් සිදු විය.මුලින්ම Single User(එක් වරකට එක් පරිශීලකයෙකුට පමණක් පාවිච්චි කල හැකි ආකාරයේ )හෙයුම් පද්ධතිද පසුවMulti User(එක් වර කීපදෙනෙකුට පරිශිලනය කල හැකි ආකාරයේ )පරිගණක මෙහෙයුම් පද්ධතිද පැමිණ ඇත.මේ අවදියේ මීට සමාන්තරව නොයෙකුත් ව්‍යාපාර හා අනෙකුත් සෑම ක්ශේත්‍රයකටම පාහේ පරිගණක යොදා ගැනීමට පටන්ගැණුනි.මේ සමඟම මෘදුකාංග නිශ්පාදනයද කර්මාන්තයක් ලෙස ලෝකය පුරා ව්‍යාප්ත වීමට පටන් ගැණිනි. මුල් කාලයේදී assembly වැනි Low Level පරිගණක භාෂාවන් යොදා ගෙන මෘකාංග නිපද වීමටද මීළගට C,Java,.Net වැනි High Le

Apple App's ලබාගැනීමේදී පරිස්සමෙන්..

Apple iPhone හට මෘදුකාංග ලබාගැනීමට ඇති Apple's App Store හි සිට ලබාගන්නා මෘදුකාංග සමග ස්පයි හෝ වයිරස් බලපෑම් පැමිණීමේ අවදානමක් පවතින බව ස්විස්ටර්ලන්තය පර්යේෂකයෙක් පසුගියදා අනතුරු ඇඟවීය.ඇපල් සමාගම මගින් එම මෘදුකාංග සදහා සිදුකරනු ලබන පරීක්ෂාව ඒවා වැලැක්වීමට තරම් ප්‍රමාණවත් නොවේයැයි ඔහු පවසයි.පසුගියදා පැවති පද්ධති ආරක්ෂාව පිලිබදව පැවති සම්මන්ත්‍රනයක් වන Black Hat DC හිදී ඔහු එම මෘදුකාංග මගින් ලබාගන්නා දත්ත වෙනත් ස්ථාන වල ඇති ස'වර් වලට යවන ආකාරය පිලිබදව පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබූවා.මෙය සනාථ කිරීම සදහා ඔහු විසින් ආදර්ශණයක්ද මෙහිදී ඉදිරිපත්කරනු ලැබූවා.මෙම පරීක්ෂකයා පවසන ආකාරයට මෙවැනි පරිගණක වැඩසටහන් මගින් පරිගණක පරිශිලකයන්ගේ බෙහෝ පෞද්ගලික දත්ත සොරාගත හැකියැයි පවසයි.එමෙන්ම ඔහු මෙය ප්‍රායෝගිකව පෙන්වනු ලැබුවා.මෙම කාරණාව නිසා තමන් ලබාගන්නා වැඩසටහන් පිලිබදව සැලකිලිමත්වන මෙන් අපි ඔබට මතක් කර දී තිබෙනවා.

ඉතා පහසුවෙන් තමන්ගේම ලිනක්ස් (Suse Linux)සංස්කරනයක් සකසගැනීම.

Suse Studio මඟින් සලසා දෙන ඉතාමත් ප්‍රයෝජනවත් සිත් ඇඳ ගන්නා සුලු සේවාවක් පිළිබඳව මේ ලිපිය තුල අන්තර්ගතය.ඇත්තේන්ම පරිගණකයක් භාවිත කරන බොහෝ දෙනෙකුගේ සිහිනයක් තමයි කවදා හෝ තමාගේම කියලා පරිගණක පද්ධතියක් සකසා ගැනිම.එය එතරම් ලෙහෙසි කටයුත්තක් නොවුණත් යම් පමණ මට්ටමකට හෝ ඔබගේ සිහිනය සැබෑ කරලීමට පහසුකම Suse Studio වෙතින් සලසා දී තිබේ.මෙමඟින් ඔබට ඔබ කැමති ආකාරයට Suse Linux පද්ධතිය වෙනස් කීරීම් වලට භාජනය කර තමාගේ මෙහෙයුම් පද්ධතියක් ලෙස භාගත කර ගැනීමේ පහසුකම සපයා දී තිබේ. මෙවැනි වෙනස්කම් කර ගැනීමට බොහෝ මෘදුකාංග දැනටමත් තිබුණත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය ඔබට Suse Studio web site එක තුලම සිටම සිදුකර ගත හැකිවිමයි. මේ සඳහා ඔබ කළයුත්තේ ඔබ සඳහ User Account එකක් ආරම්භ කීරීම පමණි.මෙහිදී ඔබට Suse 11.2 හා 10 යන සංස්කරණ භාගත කරගැනිමට ඉඩ සලසා දී තිබේ.මේවා 32 bit ,64 bit ලෙසටත් එමෙන්ම KDE , GNOME සමඟත් ලබාගත හැක.මෙහිදී ඔබ කැමති අකාරයට කැමති මෘදුකාංග ඇතුලත් කර ගැනිම සිදුකර ගත හැක. එමෙන්ම තමාගේම Logo,Desktop,Login Screen ,KeyBoard layout,Language(සිංහල භාෂාවත් ඇතුලත්ව),Start-up,Start-up Program මෙන්ම ත

Ubuntu 10.04 LTS හි දෙවන ඇල්ෆා නිකුතුව

Ubuntu 10.04 LTS හි දෙවන ඇල්ෆා නිකුතුව Lucid Lynx කේත නාමය යටතේ 2010 පළමු මස 15 වන සිකුරාදා දින නිකුත්වුණි.මෙහි අවසාන ස්ථාවර සංස්කරණය 2010 අප්‍රේල් මස 29 වන දින නිකුත් කීරීමට නියමිතය. මෙම සංස්කරණය සමඟ GNOMEහි නවතම සංස්කරණයත් Kubuntu සමඟ KDE SC 4.4 RC 1 ඇතුලත්ව ඇත.එමෙන්ම මෙම දෙවන ඇල්ෆා සංස්කරණයෙහි Linux Kernel 2.6.32 ඇතුලත් වේ.මෙහි nVidia Graphic Drivers සඳහා සපයා ඇති පහසුකම් තව දුරටත් වර්ධනය කර තිබේ. මෙම සංස්කරණය පහත ඇති වෙබ් පුරුක් වලින් ඔබට බාගත හැක. http://cdimage.ubuntu.com/releases/lucid/alpha-2/ (Ubuntu Desktop and Server) http://uec-images.ubuntu.com/releases/lucid/alpha-2/ (Ubuntu Server for UEC and EC2) http://cdimage.ubuntu.com/ports/releases/lucid/alpha-2/ (Ubuntu ARM) http://cdimage.ubuntu.com/kubuntu/releases/lucid/alpha-2/ (Kubuntu Desktop and Netbook Remix) http://cdimage.ubuntu.com/xubuntu/releases/lucid/alpha-2/ (Xubuntu) http://cdimage.ubuntu.com/edubuntu/releases/lucid/alpha-2/ (Edubuntu) http://cdimage.ubuntu.com/mythbuntu/releases/lucid/alpha-2/ (Mythbuntu

Sun සහ Oracle දෘඩාංග වෙලදපොලට

Oracle සමාගම විසින් Sun Microsystems සමාගම මිලදී ගැනීමේ පුවත ඔබට මතක ඇති.මේ මිලදී ගැනීම සිදුවුවත් තවමත් මෙම සමාගම් දෙකම තමන් කරගෙන ආ වැඩ පිලිවල ඒ විදිහටම ඉදිරියටත් කරගෙන යන ආකාරය අපිට පසුගිය කාලේ දැකගන්නට ලැබුනා.ඔන්න දැන් අලුත්ම ආරන්චිය තමයි ඔවුන් දෘඩාංග වෙලදපලට පිවිසෙන්නට යනව කියන ආරන්චිය.මේ ගැන ඔවුන් 2009 යේ දෙසැම්බර් 27 වෙනිද ප්‍රකාශයට පත්කලා.මෙහි වටිනාකම ඩොලර් බිලියන 7 කට වැඩි බවයි ආරන්චිය.මෘදුකාංග ලොවේ දැවැන්ත සමාගම් දෙකක් එකතුව කරන්න යන මෙ වැඩේ සාර්තක අසාර්තක බාවය පිලිබදව තොරතුරු අපි ඉදිරියේදී ම්බට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙනවා.

Enterprice Applications සංවර්දනය කිරීම 2 කොටස(MVC).

මෙම ලිපියේ අන්තර්ගතය කලින් ලිපිය හා සබැදේ .කලින් ලිපියෙහි සදහන් කල පරිදි මෘදුකාංග නිර්මාණය සදහා බහුලව භාවිතාවන ක්‍රමවේදයක් පිලිබදව සරලව පැහැදිලි කර දීමට මෙම ලිපිය මගින් බලාපොරොත්තු වෙම්.මෙය සරලව MVC යනුවෙන් හැදින්විය හැක.තවදුරටත් සරල කලහොත් Model,View,Control යනුවෙන් වෙන්කර දැක්විය හැක.නමුත් මෙය පිලිබදව පැහැදිලි අවබොදයක් ලබාගැනීමට ප්‍රායෝගික පද්දතියක ක්‍රියාකාරිත්වය අනුසාරයෙන් පැහැදිලි කලහොත් එය වඩා සුදුසුයැයි සිතම්.එ සදහා මුලින්ම ප්‍රායෝගික පද්දතියක සිදුවන ක්‍රියාකාරීත්වය පිලිබදව සලකා බලමු. ඉහත රූපයේ පද්ධතියක ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉතාම සරළ ආකාරයේ පැහැදිලි කිරීමකි.මෙය වැඩි දුර පැහැදිලි කිරිමට අවශ්‍ය නැතැයි සිතමි. මිළග රූපසටහනේ දැක්වෙන්නේ MVC පිළිබඳ සරළ පැහැදිළි කිරිමකි.මෙය පැහැදිලි කිරිමට කලියෙන් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව උදාහරනයක් මඟින් තේරුම් ගැනීමට උත්සහ ගනිමු.අපි කවුරුත් භාවිතයට ගන්නා Calculator සලකා බලමු.මෙය තුලත් ක්‍රියාත්මක වන්නේ MVC Design Patter එකයි.මුලින්ම මෙය තුලට ඇතුලත් කරනු ලබන ගණනය කිරීම් එහි ඇති පාලකය(Contoller) මඟින් උචිත Models (Add / Subtract)වෙත යොමු කරනු ලබනවා.

HTML වලින් එහා

Web Application එකක් නිර්මාණය කිරීමට භාවිතා කල හැකි තාක්ෂණයන් බොහෝ ප්‍රමාණයක් දැනට පරිගණක ලෝකයේ දක්නට ලැබේ.මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නෙ JSP,PHP,ASP වැනි භාෂාවන්ය. JSP(Java Server Page) මෙය Java පරිගණක භාෂාව සමඟ පැමිණෙන Web Applications නිර්මාණය කීරිම සඳහා අද ලෝකයේ බොහෝ සෙයින් භාවිතා වන පරිගණක භාෂාවක්ය.මෙය Free මෘදුකාංග ගණයට ගැනෙන මෘදුකාංග වර්ගයක් ලෙස හැදින්වීමට පිළිවන. ASP(Active Server Pages) මෙය සුප්‍රසිද්ධ Microsoft සමාගමේ මෘදුකාංග නිර්මාණය සඳහා නිපදවන ලද මෘදුකාංගයකි. මෙය Net භාෂාවන් ඕනෑම එකක් සමඟම භාවිතාවට ගතහැක. PHP දැනට ලෝකයේ වැඩිපුරමWeb Applications නිර්මාණය කිරිම සඳහා මෙම භාෂාව භාවිතා වේ. ඉහත සඳහන් කල පරිගණක භාෂාවන්ට අමතරව තවත් විශාල පරිගණක භාෂාවන් ප්‍රමාණයක් මෙම කාර්යයන් ඉටු කරගැනීම සඳහා පවති.ඒවා පිළිබදව වැඩි දුර පසුවට කතා කරමු.මෙම ලිපි පෙළ මගින් Enterprise Application Development පිලිබඳව තාක්ෂණික කරුණු පරිගණක භාෂාව අනුසාරයෙන් ඉදිරිපත් කිරිමට බලපොරොත්තු වෙමි. මා ඉහත සදහන් කල එක එක පරිගණක භෂාවන් සදහා සුවිශේෂ වු ලක්ෂණ දක්නට ඇත.නමුත් මෙ සියලු භාෂාවන් හා තාක්ෂණයන් යොදාගෙන

Google සමාගම චීනයෙන් ඉවතට...

Google තම සියලුම මෙහෙයුම් කටයුතු පසුගියදා වලින් ඉවත් කරගන්නා ලදි. www.google.cn නමින් සමාගම 2006 දී චීන රජයත් සමග එමගින් ලබාදෙන දත්ත පිලිබද එකගතාවයකට එලබීමෙන් අනතුරුව පිහිටුවනු ලැබීය මක්නිසාත යත් තමන්ගේ රටට අන්තර්ජාලය හරහා පැමිනෙන සියලු තොරතුරු කෙරෙහි චීන රජය දැඩ් අවදානයක් යොමු කරනු ලබයි.මෙම නිසා චීන රජය මගින් තම රටට පැමිනෙන අවශ්‍යය නොවන තොරතුරු රටට ඇතුලුවීම වැලැක්වීම සදහා වීශාල අන්තර්ජාල පෙරහනයක් බාවිතා කරනු ලමයි.කෙසේ වෙතත් ලොකයේ පරිෂීලකයන් වැඩිපුරම පාවිචි කරනු ලබන ප්‍රදාන සෙවුම් යන්ත්‍රය ගුගල් වුවත් එයට චීනයේදී හිමිව තිබුනේ තෙවන ස්තානයයි.චීනයේ අංක 1 සෙවුම් යන්ත්‍රය වන්නේ baidu යි.ගුගල් සමාගමේ ප්‍රදාන නීති උපදේශක සමාගමෙ නිල බ්ලොග් අඩවියේ පෙන්වාදෙන ආකාරයට මේ සදහා පාදකවී ඇත්තේ ගුගල් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන Email සේවාව වන Gmail පද්දතියට චීන හැකර් වරුන්ගෙන් එල්ලවු හැකර් ප්‍රහාර කීපයකි.මෙම ප්‍රහාර වල මුලික අරමුන වී ඇත්තේ චීනයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් කීහිපදේනෙකුගේ Gmail account තුලට අනවසරයෙන් ඇතුල් වීමටයි.ගුගල් සමාගම පවසන ආකාරයට එයට හැකියාව ලැබී නැතත් ෆිෂින් හා මැල්වෙයා පරිනණකයට ඇ

ඇපල් සමාගමේ නවතම හදුන්වාදීම Apple iPad

ඇපල් සමාගම පසුගියදා ඔවුන්ගේ නවතම නිර්මාණය වන Apple iPad සිය පාරිබොගික ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරණු ලැබුවා.මෙය විශේෂයෙන්ම අන්තර්ජාලයේ සැරිසැරීම සදහාම නිර්මාණය වුවක් බවට සමාගමේ ප්‍රදාන විදායක නිලදාරියාවන Steve Jobs පැවසුවා.මෙහිදී ඔවුන් අන්තර්ජාල පරිෂීලකයින් සදහා බොහොම ලෙහෙසියෙන් එම කටයුතු කරගෙන යාම සදහා විශේෂ ගුණාංග රාෂියක් මෙයට එකතුකර තිබෙනවා.මෙහිදී විශේෂම ලක්ෂණය වන්නේ හි Apple iPhone හි බාවිතාකල සියලුම මෘදුකාංග මෙයත් සමග භාවිතා කල හැකි වීමයි.දැනට වෙලදපලේ මෙය 499$ කට 2010 ජනවාරි මස සිට ලබාගැනීමේ හැකියාව තිබෙනවා.මේ සදහා වැඩි දුර විස්තර සදහා http://www.apple.com/ipad/ වෙත පිවිසෙන්න.