
මේ දවස්ටිකේ වැඩි වැඩක් නැතුව ඉන්න අතරතුරේ නිකමට වගේ USB එකත Damn Small Linux දාල බලන්න හිතුනා.ඔන්න ඒක සිථාපනය කරගන්නා ආකාරය ඔයලටත් කියන්න හිතුනා.
ලොකයේ ඇති කුඩාම මෙහෙයුම් පද්ධති අතර එකක් වන Damn Small Linux මෙහෙයුම් පද්ධතිය ඔබගේ පරිගණකයෙ වෙනත් මෙහෙයුම් පද්ධතියක් තුල මෙන්ම USB එක මතද ස්ථාපනය කරගත හැක.මේ සදහා 64MB පමණ සෑහේ.නමුත් දැනට වෙලදපොලේ ඇති සියලුම වාගේ මීට වඩා ධාරිතාවකින් යුක්ත නිසා ඒගැන ප්‍රස්නයක්නෑ.
ඔන්න වැඩේ කරන්නේ මෙහෙමයි.
*.මුලින්ම dsl-embedded.zip ගොනුව මෙම සිථානයෙන් බාගත කර ගත හැක.
*.ඉන්පසුව dsl-embedded.zip ගොනුව ඔබගේ USB තුලට දිගහැරගන්න.
*.ඉන්පසුව syslinux-3.36.zip මෙම ගොනුව ඔබගේ පරිගණකය තුලට බාගතකරගෙන.ඒය තුල syslinux නමින් බහාලුමක් සාදා එය තුලට දිගහැරගන්න.
*.start තුල ඇති run තුල cmd නමින් සටහන් කර කරගන්න
*.ඉන්පසුව ලැබෙන command box එක තුල cd \syslinux\win32 සටහන්කර එම බහලුම තුලට ගොස් syslinux.exe -ma X:මෙම විදානය කරගන්න.
*.මෙහි X වෙනුවට ඔබගේ USB එකට ලැබෙන අක්ෂරය ලබාදෙන්න.
*.ඉන්පසු ඔබගෙ පරිගණකය reboot කර එය usb boot අකාරයට සකසන්න.මේ සදහා ඔබගේ පරිගණකයෙ BIOS settings වෙනස්කර ගතයුතුයි
දැන් ඔබට දැකගත හැකි Damn Small Linux මෙහෙයුම් පද්ධති ඔබගේ USB ආදාරයෙන් වැඩ කරන ආකාරය.මේක බොහෝම රසවත් අත්දැකීමක්.ඔබත් මෙය උත්සහ කරබලන්න.
Saturday, March 21, 2009
Damn Small Linux ඔබගේ USB තුල ස්ථාපනය කරගන්නේ කෙසේද?
Posted by Prabath Ariyarathna at 11:15 PM
Subscribe to:
Post Comments (Atom)


3 Comments:
hmmm. මටත් මෙක try කරල බලන්න හිතෙනව.. will do that soon.
මේක දැම්මම pen එකේ තියෙන අනික් data delete වෙනවද? අනික් data තියෙද්දි boot loader එක write කලාට කමක් නැද්ද?
එහෙම ප්‍රස්නයක් එන්නෙනැ.අනිත් දත්ත වලට කිසිම හානියක් වෙන්නේනැ
Post a Comment