Skip to main content

Posts

JMS හි ප්‍රායෝගික යෙදීම්...

මේදවස්වල ටිකක් වැඩ වැඩි හන්දා අලුතෙන් දෙයක් ලියන්න උනේ නැතිවුන නිසා මම ලගදි කියවපු ලිපියක් අනුසාරයේන් පොඩි ලිපියක් ලියන්න හිතුනා.මේ ලිපිය ලියල තිබුනේ Java messaging Service එහෙමත් නැත්නම් JMS පිලිබදව. නමුත් මම මෙහි ලියන්න බලාපොරොත්තු වෙන්නේ JMS පිලිබදව පැහැදිලි කිරීමකට වඩා එහි යේදීමක් පිලිබදවයි.මෙ පිලිබදව විශේෂයෙන් ලියන්න හේතුවක් වුනේ මේ කියන්න යන කාරණය පිලිබදව බොහෝදෙනා යොමු නොකරණ කාරණයක් නිසා.බොහො විට සිද්දාන්තමය කරුනු පිලිබදව අවබෝදයක් තිබුනත් එහි යෙදීම් පිලිබදව ඇත්තේ අඩු අවබෝදයක්.මම පැහැදිලි කරන්න හදපු කාරණය ගැන කතාකලොත් සාමාන්‍යයෙන් යම්කිසි මෘදුකාංගයක් නිර්මාණයේදී අපි එය තුල සිදුවන සිදුවීම් සියල්ල Log එකක් තුල ලිවීම්ට සලස්වනවා.එහිදී method execution වල සිට Exception throwing දක්වා සියලුම සිදුවීම් එය තුල සටහන් කිරීම සිදුකරණු ලබනවා.සමහර විට මෙමගින් ඇතිවන වාසි පිලිබදව ඔබට ප්‍රශ්නයක් මතුවීමට පුලුවන්..ඇත්තටම මෙහිදී මෙය සිදුකරණු ලබන්නේ මෘදුකාංගය තුල සිදුවු දෙ පිලිබදව පසුව අවබෝදයක් ලබාගැනීමටයි.සමහර අවස්තාවලදී මෘදුකාංගයේ සිදුවන Error එකක් වුවද එය සිදුවුයේ කොතැනද කුමන වේලාවේදීද යන්න පිලිබදව ...

JNode

මේක අලුත් නිවුස් එකක් නොවුනත් වැදගත් නිසා බොලොග් එකට ඇඩි කරන්න හිතුවා.මේක මෙහෙයුම් පද්ධති හදන්න පුලුවන් Assembly,C වලින් විතරද කියල හිතපු අයට හොද නිවුස් එකක් වෙයි. මොකද හැමදාම කතාකරන්නේ එක්කො ලිනක්ස් නැත්නම් වින්ඩොස් හරි මැක් හරි ගැනනෙ,ඉතින් අද වෙනමම විදිහේ මෙහෙයුම් පද්දතියක් ගැන තමයි ඉතාම කෙටියෙන් හදුන්වල දෙන්න හදන්නේ.මෙම මෙහෙයුම් පද්දතියට කියන්නේ JNode කියල .සමහර විට අහලත් ඇති.මෙහි විශේෂත්වය තමයි මෙය පරිගණක Java භාෂාව යොදාගෙන පරීක්ෂණ මට්ටමෙන් කරගෙන යන දෙයක් වීම .පරීක්ෂණ මට්ටමෙන් කිවුවට හොද මට්ටමක තියෙනවා දැනටමත්.ඇත්තටම සම්පුර්ණයෙන්ම Java පරිගණක භාෂාව යොදාගෙන තමයි මේක කරලා තියෙන්නේ නමුත් මේ සදහා Kernal එක විදිහට Assembly Micro Kernal එකක් භාවිතා කරලා තිබෙනවා.මෙහි අතුරු මුහුණත් පහත රූපවල පෙනෙන ආකාරයට Java UI Component හි ඇති ස්වරූපය ගන්නවා. මෙය විවෘත හා නිදහස් මෘදුකාංගයක් විදිහට තමයි මෙය සංවර්ධනය කර තිබෙන්නේ ඔබටත් මෙය සමඟ සම්බන්ධ වීමේ අවස්ථා තිබෙනවා.මෙය අත් හදා බැලීමට අවශ්‍ය නම් පහසුම ක්‍රමය වන්නේ ඔවුන් දී තිබෙන ISO image එක Virtual machine එකක් මත Run කර බැලීමයි.

Google Code Jam 2010

ගුගල් සමාගම විසින් අවුරුදු පතා සිදු කරණු ලබන අංගයක් වන ගුගල් codejam තරග මාලාවේ 2010 අවුරුද්ද සදහා වන තරගය මැයි මස ආරම්බ කිරීමට නියමිතයි.මේ සදහා register කර ගැනීම අප්‍රේල් මස 7 වෙනිදයින් ආරම්බවේ.මෙහිදී ගුගල් විසින් සපයනු ලබන සන්කීර්ණ ගැටලු සදහා පිලිතුරු පරිනණක භාෂාවකින් ලිවීමට ඔබට සිදුවනු ඇත.මෙගැන වැඩි විස්තර දැන ගැනීමට කැමතිනම් ඒ සදහා මෙතනින් පිවිසෙන්න.

Ubuntu 10.04 හි 3 වන ඇල්ෆා(Lucid) නිකුතුව දැන් ලබාගත හැක.

Ubuntu 10.04 හි 3 අවසාන ඇල්ෆා නිකුතුව දැන් මේ වන විට ලබාගත හැකියි.එහි නවතම අන්තර්ගතයන් ගැන කතා කලොත් 1.Ubuntu 10.04 සදහා 7Digital සමාගම සමඟ එක්ව Music Store පහසුකම ලබාදීමට මෙහිදී කටයුතු කර තිබෙනවා.මෙය නැවුම් අත්දැකීමක් වනු නිසැකයි. 2.Nvidia ,Intel හා ATI වලට අවශ්‍ය Drivers මේ සමඟ එවීමට ඔවුන් තීරණය කොට තිබෙනවා.නමුත් ඒ සදහා ඔවුන් ලබාදෙනු ලබන Nvedia Drivers සමඟ 3D පහසුකම් ලබාගැනීමේ හැකියාවක් නැහැ.ඒ සදහා ඔබ විසින් official NVidia driver ස්ථාපනය කරගත යුතුයි. 3.හැමදාම වගේ මෙවරත් Boot හා Shut down වීමට ගතවන කාලය අඩු කර ගැනීමට මොවුන් කටයුතු කර තිබෙනවා. 4.මේ සමගම Software Center එකෙහිද වෙනස්කම් කීපයක් දක්නට ලැබෙනවා.ඒ සදහා PPA views හා 'Featured' category එක් කර තිබෙනවා. 5.මෙහි ඇති විශේෂ වෙනස් කමක් විදිහට Notification Area එකෙහි සිදුකර ඇති වෙනස්කම් සැලකීමට පුලුවන්.එහිදී දී ඇති entry box මගින් ඔබගේ Twitter ගිණුමෙහි ඇති status යාවත්කාලීන කිරීමේ හැකියාව ලබාදී තිබේනවා. මෙම නිකුතුවත් සමඟම සියලුම latest bug fixes, security updates, application revisions සහ kernel updates ඇතුලත් කර තිබේ.මෙය බා...

Synergy සමග FUN වැඩක් ..

නියම ගජමැටික්ස් එකක් අහම්බෙන් හම්බවුනා. වැඩේ ටිකක් fun වගෙ ඒ හන්දා කට්ටියටම කියන්න ඕන කියල හිතුනා. synergy කියන්නෙ තමන්ගේ පරිගණකය සහ ඒ හා සම්බන්ධ කරගත හැකි අනෙකුත් පරිගණක එකම පරිගණකයක් ආකාරයෙන් සකස්කරගත හැකි ආකාරයේ මෘදුකාංගයක්.මෙහිදී ඔබගේ පරිගණකය තුල එකිනෙකට වෙනස් මෙහෙයුම් පද්ධති තිබුනත් ගැටලුවක් වන්නේ නැහැ.මෙන්න මෙ පහත තියන ඕනම මෙහෙයුම් පද්ධතියක මේක වැඩ.හැබැයි සමහර ඒවගේ මේක සම්පුර්ණයෙන්ම වැඩ නෑ. නමුත් ඔවුන් ඒවා සම්පුර්ණ කරන්න මේ දවස්වල වැඩ කරමින් යනවා කියලා ඔවුන්ගෙ web site එකෙහි සඳහන් වෙනවා. * Microsoft Windows 95, Windows 98, Windows Me (the Windows 95 family) * Microsoft Windows NT, Windows 2000, Windows XP (the Windows NT family) * Mac OS X 10.2 or higher * Unix o X Windows version 11 revision 4 or up o XTEST extension (use "xdpyinfo | grep XTEST" to check for XTEST) මෙහිදී ඔබට පහත රූප ආකාරයට mosue එක හා keyboard ඔබගේ පරිගණකය සහ ඒ හා සම්බන්ධ පරිගණක පද්ධති අතර හැසිරවිය හැකියි එමෙන්ම ඔබට ඕනෑම තැනක copy හො cut කරන දෙයක් පද්ධතියෙහි ඕනෑම තැනක past කල හැකිය...

Frameworks කුමක් සඳහාද?

Frameworks කුමකටදැයි කතා කිරිමට පෙර Framework එකක් කියන්නෙ කුමක්දැයි අපි හඳුනාගෙන ඉදිමු.පරිගණකයක් යනු සරලවම ගත් කල ඉලෙක්ට්‍රොනික කොටස් වලින් නිර්මාණය වුවකි.එමඟින් යම්කිසි වැඩක් කරගැනීමට සහය වන්නේ එය මත ක්‍රියාකාරි වන මෘදුකාංග මඟිනි.පරිගණක භාවිතයට පැමිණි මුල් කාලයේ එහි පාවිච්චියට ගැනුනෙ ඉතාමත් මූලික මට්ටමේ තිබු මෘදුකාංගය.එමඟින් කර ගත හැකි වු වැඩකටයුතු ප්‍රමාණය ඉතාමත් ස්වල්පය.නමුත් Transistor සොයාගැනීමත් සමඟ දෘඩාංක තාක්ෂණය කෙටි කලක් තුල සිදුවු සීග්‍ර දියුණුවත් සමඟම ඒ හා සාපේක්ෂව මෘදුකාංග වලද සීග්‍ර දියුණුවක් සිදු විය.මුලින්ම Single User(එක් වරකට එක් පරිශීලකයෙකුට පමණක් පාවිච්චි කල හැකි ආකාරයේ )හෙයුම් පද්ධතිද පසුවMulti User(එක් වර කීපදෙනෙකුට පරිශිලනය කල හැකි ආකාරයේ )පරිගණක මෙහෙයුම් පද්ධතිද පැමිණ ඇත.මේ අවදියේ මීට සමාන්තරව නොයෙකුත් ව්‍යාපාර හා අනෙකුත් සෑම ක්ශේත්‍රයකටම පාහේ පරිගණක යොදා ගැනීමට පටන්ගැණුනි.මේ සමඟම මෘදුකාංග නිශ්පාදනයද කර්මාන්තයක් ලෙස ලෝකය පුරා ව්‍යාප්ත වීමට පටන් ගැණිනි. මුල් කාලයේදී assembly වැනි Low Level පරිගණක භාෂාවන් යොදා ගෙන මෘකාංග නිපද වීමටද මීළගට C,Java,.Net වැනි High Le...

Apple App's ලබාගැනීමේදී පරිස්සමෙන්..

Apple iPhone හට මෘදුකාංග ලබාගැනීමට ඇති Apple's App Store හි සිට ලබාගන්නා මෘදුකාංග සමග ස්පයි හෝ වයිරස් බලපෑම් පැමිණීමේ අවදානමක් පවතින බව ස්විස්ටර්ලන්තය පර්යේෂකයෙක් පසුගියදා අනතුරු ඇඟවීය.ඇපල් සමාගම මගින් එම මෘදුකාංග සදහා සිදුකරනු ලබන පරීක්ෂාව ඒවා වැලැක්වීමට තරම් ප්‍රමාණවත් නොවේයැයි ඔහු පවසයි.පසුගියදා පැවති පද්ධති ආරක්ෂාව පිලිබදව පැවති සම්මන්ත්‍රනයක් වන Black Hat DC හිදී ඔහු එම මෘදුකාංග මගින් ලබාගන්නා දත්ත වෙනත් ස්ථාන වල ඇති ස'වර් වලට යවන ආකාරය පිලිබදව පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබූවා.මෙය සනාථ කිරීම සදහා ඔහු විසින් ආදර්ශණයක්ද මෙහිදී ඉදිරිපත්කරනු ලැබූවා.මෙම පරීක්ෂකයා පවසන ආකාරයට මෙවැනි පරිගණක වැඩසටහන් මගින් පරිගණක පරිශිලකයන්ගේ බෙහෝ පෞද්ගලික දත්ත සොරාගත හැකියැයි පවසයි.එමෙන්ම ඔහු මෙය ප්‍රායෝගිකව පෙන්වනු ලැබුවා.මෙම කාරණාව නිසා තමන් ලබාගන්නා වැඩසටහන් පිලිබදව සැලකිලිමත්වන මෙන් අපි ඔබට මතක් කර දී තිබෙනවා.