Skip to main content

Frameworks කුමක් සඳහාද?

Frameworks කුමකටදැයි කතා කිරිමට පෙර Framework එකක් කියන්නෙ කුමක්දැයි අපි හඳුනාගෙන ඉදිමු.පරිගණකයක් යනු සරලවම ගත් කල ඉලෙක්ට්‍රොනික කොටස් වලින් නිර්මාණය වුවකි.එමඟින් යම්කිසි වැඩක් කරගැනීමට සහය වන්නේ එය මත ක්‍රියාකාරි වන මෘදුකාංග මඟිනි.පරිගණක භාවිතයට පැමිණි මුල්
කාලයේ එහි පාවිච්චියට ගැනුනෙ ඉතාමත් මූලික මට්ටමේ තිබු මෘදුකාංගය.එමඟින් කර ගත හැකි වු වැඩකටයුතු
ප්‍රමාණය ඉතාමත් ස්වල්පය.නමුත් Transistor සොයාගැනීමත් සමඟ දෘඩාංක තාක්ෂණය කෙටි කලක් තුල සිදුවු සීග්‍ර දියුණුවත් සමඟම ඒ හා සාපේක්ෂව මෘදුකාංග වලද සීග්‍ර දියුණුවක් සිදු විය.මුලින්ම Single User(එක් වරකට එක් පරිශීලකයෙකුට පමණක් පාවිච්චි කල හැකි ආකාරයේ )හෙයුම් පද්ධතිද පසුවMulti User(එක් වර කීපදෙනෙකුට පරිශිලනය කල හැකි ආකාරයේ )පරිගණක මෙහෙයුම් පද්ධතිද පැමිණ ඇත.මේ අවදියේ මීට සමාන්තරව නොයෙකුත් ව්‍යාපාර හා අනෙකුත් සෑම ක්ශේත්‍රයකටම පාහේ පරිගණක යොදා ගැනීමට
පටන්ගැණුනි.මේ සමඟම මෘදුකාංග නිශ්පාදනයද කර්මාන්තයක් ලෙස ලෝකය පුරා ව්‍යාප්ත වීමට පටන් ගැණිනි. මුල් කාලයේදී assembly වැනි Low Level පරිගණක භාෂාවන් යොදා ගෙන මෘකාංග නිපද වීමටද මීළගට C,Java,.Net වැනි High Level භාෂාවන් යොදා ගැනීමද ආරම්භ විය.මෙසේ Low Levelපරිගණක භාෂාවක සිට High Level පරිගණක භාෂාවන් නිපදවා ඒව යොද ගැනිමට හේතු වුයේ පරිගණක වැඩසටහන් නිපදවිමට ගතවන කාලය හා ඒ සඳහා දැරීමට සිදුවන පරිශ්‍රමය ඉහලවිමය.මෙය පහත රූපය මඟින් පැහැදිලිකර ගත හැක.



මෙම රූපයේ දැක්වෙන්නේ කාලයත් සමඟ දරන්නට සිදුවන පරිශ්‍රමයේ(effort) විකාශණයයි.මෙහිදී රූපයේ දැක්වෙන ආකාරයට Framework යන සංකල්පය ඉදිරිපත්වීමට මුලික හේතුව වී ඇත්තේ මෘදුකාංග නිෂ්පාදනයේදී දැරීමට සිදුවන පරිශ්‍රමයයි.මෙහිදි ඉහත සඳහන් කල ආකාරයට high level පරිගණක භාශාවන් යොදාගෙන ස්ංවර්දනය කර ඇති Framwork විශාල සංඛ්‍යාවක් මේ වනවිට දක්නට ලැබේ.මේවා පොදු පවිච්චිය සඳහා යොදා ගන්න එවාද(Struts,Spring,Hibernate ) වැනි ඒවා මෙන්ම තමාගේ Framworks මෘදුකාංග කර්මාන්තයේ යෙදෙන මෘදුකාංග නිපදවන ආයතන විසින්ද නිපදවාගෙන ඇත.(SAP,IFS) මෙහිදි ඔවුන් විශේෂයෙන්ම අපේක්ෂා කරනුයේ ඔවුන්ගෙ පහසුවයි.මෙහිදී පහසුව ලෙස සරලව හැදින්නුවත් එමඟින් ඔවුන් බොහො දේ බලාපොරොත්තුවේ.උදාහරණයක් ලෙස දැනට බහුලවම භාවිත වන Framworks යොදා ගැනිමෙන් බොහොවිට බලපොරොත්තු වන්නේ තමන් එය යොදාගෙන සංවර්දනය කරනු ලබන මෘදුකාංගය ඉහල ගුණාත්මක බාවයකින් යුතුව නිපදවාගත හැකිවීමයි.මීට හේතුවන්නේ මෙම සංවර්දනය කිරීමේදී ඒ සදහා යොදාගන්නා නිවරදි තාක්ෂණික යෙදීම් මේ සමගම අපගේ මෘදුකාංග සදහාද යොදාගැනීමට හැකීවීමයි.උදාහරණයක් ලෙස Spring framwork එක සංවර්දනය කිරීමේදී එහි තාක්ෂණික පදනම ලෙස යොදාගෙන ඇත්තේ Factory නැමති Design pattern එකයි. එය අපගේ මෘදුකාංග සදහා නිවරදි ආකාරයට යොදාගතහොත් අපට එහි ඇති යම් යම් ගුණාංග අපගේ මෘදුකාංග සදහාද ආරුඩකරගත හැකිය.බොහෝ විට මේවා භාවිතාකිරීමේදී ලැබෙන වාසි ගැන කතාකලත් එමගින් ලැබේන අවාසිවලින්ද අඩුවක් නැත.බොහෝ විට මෘදුකාංග නිපදවන්නා නිෂ්ශිත රාමුවකට කොටු කිරීම මගින් නව ආකාරයකට සිතීමට ඇති ඉඩ ඇහීරීයාම මෙහිදී දක්නට ලැබෙන ප්‍රදාන අඩුපාඩුවකි.මේමගින් ලැබෙන වාසි සහ අවසි පිලිබදව ඉදිරියේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගම කතාකරමු.

Comments

jeewan said…
හරිම අගනා ලිපියක්.
මට පොඩි ගැටළුවක් තියෙනවා. "kernel Modules" කියලා කියන්නේ මොනවා ද?
මම හිතනවා ඔබට kernel එක පිලිබදව හැදින්වීමක් අවශ්‍ය නැහැ කියල.ඇත්තටම kernel module එකක් කියල හදුන්වන්නේ kernel එකේහි අවශ්‍යතාවය මත load කරගන්න module වලට .අපි උදාහරණයක් විදිහට device drivers ගමු එමගින් kernel එකට hardware access කිරීම සදහා පහසුකම් සලසනවා.මෙම modules නොමැතිව අපි හැම function එකක්ම kernel එක ඇතුලෙ දාන්න ගියොත් වෙන්නෙ(modules නොමැතිව ) අපිට ටිකක් විශාල kernel එකක් ලැබෙන එක.එමගින් ලැබෙන අවාසි තමයි අපිට අලුතෙන් function එකක් එකතු කරගන්න වෙන හැම වෙලාවකම අපිට kernel එක reboot කරන්න සිද්ද වෙනවා.මේ නිසා module විදියට තියන එක ඉතාම වැදගත්.windows වල සහ ලිනක්ස් වල තියන ප්‍රදාන වෙනසක් තමයි මේක. windows වලට අලුතෙන් මෙහෙයුම් පද්දතියට සම්බන්ද දෙයක් ස්තාපනය කලොත් බොහෝ විට එක reboot කරන්න සිද්ද වෙනව හැබැයි linux වල අපිට ඔය ප්‍රස්නෙ එන්නෙ නැහැ හෙතුව මම කලින් සදහන් කල කරුනු නිසා.
පිය නඟන මාවතේ
රළු බොරළු පිරි ඇතේ
නමුත් කිසිවිට
පසුනොබසින්
ඉදිරි මඟ පැහැදිළිය
යා යුතුය නුවණැසින්..........

ඔබට ජය...!

Popular posts from this blog

Java Source Code to Change Local IP Address

Hi guys..

Try This code to change your Local IP address.


import java.io.IOException;
import java.lang.Runtime;
public class Chang_Ip {



public static void main(String args[]) throws IOException
{

String str1="192.168.0.201";
String str2="255.255.255.0";
String[] command1 = { "netsh", "interface", "ip", "set", "address",
"name=", "Local Area Connection" ,"source=static", "addr=",str1,
"mask=", str2};
Process pp = java.lang.Runtime.getRuntime().exec(command1);

}


}

How to enable proxy service security in ESB 4.9.0?

Security is  one of the major concern when we developing API base integrations or application developments. WSO2 supports WS Security, WS-Policy and WS-Security Policy specifications. These specifications define a behavior model for web services. Proxy service security requirements are different from each others. WSO2 ESB providing pre-define commonly used twenty security scenarios to choose based on the security requirements. This functionality is provided by the security management feature which is bundled by default in service management feature in ESB. This configuration can be done via the web console until ESB 4.8.1 release, but this has been removed from the ESB 4.9.0. Even though this feature isn't provided by the ESB web console itself same functionality can be achieved by the new WSO2 Dev Studio. WSO2 always motivate to use dev studio to prepare required artifacts to the ESB rather than the web console. Better way to explain this scenario is by example. Following example …

How SSL Tunneling working in the WSO2 ESB

This blog post assumes that the user who reads has some basic understanding of SSL tunneling and the basic message flow of the ESB. If you are not familiar with the concepts of the SSL tunneling you can refer my previous blog post about the SSL tunneling and you can get detail idea about the message flow from this article.
I will give brief introduction about the targetHandler for understand concepts easily. As you may already know TargetHandler(TH) is responsible for handling requests and responses for the backend side. It is maintaining status (REQUEST_READY, RESPONSE_READY .. ,etc) based on the events which fired by the IOReactor and executing relevant methods. As the example if a response which is coming from the backend side hits to the ESB, IOReactor fire the responseRecived method in the targetHandler side. Followings are the basic methods contain in the target handler and their responsibilities.

Connect: - This is executed when new outgoing connection needed.RequestReady:- Thi…