Web Application එකක් නිර්මාණය කිරීමට භාවිතා කල හැකි තාක්ෂණයන් බොහෝ ප්රමාණයක් දැනට
පරිගණක ලෝකයේ දක්නට ලැබේ.මේ අතරින් ප්රධාන තැනක් ගන්නෙ JSP,PHP,ASP
වැනි භාෂාවන්ය.
JSP(Java Server Page)
මෙය Java පරිගණක භාෂාව සමඟ පැමිණෙන Web Applications නිර්මාණය කීරිම සඳහා
අද ලෝකයේ බොහෝ සෙයින් භාවිතා වන පරිගණක භාෂාවක්ය.මෙය Free මෘදුකාංග ගණයට
ගැනෙන මෘදුකාංග වර්ගයක් ලෙස හැදින්වීමට පිළිවන.
ASP(Active Server Pages)
මෙය සුප්රසිද්ධ Microsoft සමාගමේ මෘදුකාංග නිර්මාණය සඳහා නිපදවන ලද මෘදුකාංගයකි.
මෙය Net භාෂාවන් ඕනෑම එකක් සමඟම භාවිතාවට ගතහැක.
PHP
දැනට ලෝකයේ වැඩිපුරමWeb Applications නිර්මාණය කිරිම සඳහා මෙම භාෂාව භාවිතා
වේ.
ඉහත සඳහන් කල පරිගණක භාෂාවන්ට අමතරව තවත් විශාල පරිගණක භාෂාවන් ප්රමාණයක් මෙම කාර්යයන් ඉටු කරගැනීම සඳහා පවති.ඒවා පිළිබදව වැඩි දුර පසුවට කතා කරමු.මෙම ලිපි පෙළ මගින් Enterprise Application Development පිලිබඳව තාක්ෂණික කරුණු පරිගණක භාෂාව අනුසාරයෙන් ඉදිරිපත් කිරිමට බලපොරොත්තු වෙමි.
මා ඉහත සදහන් කල එක එක පරිගණක භෂාවන් සදහා සුවිශේෂ වු ලක්ෂණ දක්නට ඇත.නමුත් මෙ සියලු භාෂාවන් හා තාක්ෂණයන් යොදාගෙන වැඩිදියුණු කරණ පරිගණක පද්දති වල සංෂිප්ත නිර්මාණ සැලසුම ගත්විට ඒවාගේ විශාල වෙනස් කමක් දක්නට නොලැබේ.මෙම පද්ධති වල නිර්මාණ සැලසුම් සකස් කිරීම සදහා ව්ශාල ක්රමවේදයන් රැසක් දක්නට ලැබේ. නමුත් ඒ අතරින් බහුලවම භාවිතාවන ක්රමවෙදයක් තුලින් මෙ කාර්ය සදහා අතගැසීමට සුදුසුයැයි සිතමි.මෙ පිලිබදව මීලග ලිපියෙහි වැඩිදුර කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි.
Comments